දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00 න් පසු වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව පවසයි.

මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලටත් උදෑසන කාලයේදී වැසි ඇති වන බවත් දැනුම් දී තිබේ.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයෙන් දක්වා තිබේ.

කාලීන පුවත්