ජාතික සම්පතක් වූ කාවන්තිස්ස හස්තියා සම්බන්ධයෙන් ඇති වූ ශෝචනීය තත්ත්වයේ වගකීම පරිසර අමාත්යවරයා ලෙස තමන් භාරගන්නා බවත්, එහිදී කිසියම් පාර්ශ්වයකින් හෝ වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.කාවන්තිස්ස ඇතාගේ අභාවය සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන කනගාටුව සහ මහජන විවේචන මධ්යයේ අමාත්යවරයා මෙම ප්රකාශය සිදු කළේය.