වැසි සමග ඩෙංගු හිස ඔසවයි

වැසි සමග ඩෙංගු ව්‍යාප්තියේ යළි වැඩිවීමක් සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 28ක් හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 105,097ක්.වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 79ක් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියි.

කාලීන පුවත්