පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් මෙම වසරේ මුල් මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 640ක ආදායමක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
එහි සභාපති ශාන්ත රණතුංග සඳහන් කළේ ඉන් 25%ක් ම උපයාගෙන ඇත්තේ කොහුබත්, කොහු කෙඳි, පොල් කැබලි සහ පොල් කටු අඟුරු ඇතුළු පොල් ආශ්රිත අනෙකුත් අතිරේක නිෂ්පාදනවලින් බවයි.
එමෙන්ම පසුගිය වසරේදී පොල් හා ඒ ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 1,222ක ආදායමක් උපයා ගත් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.