දීපවාලි උත්සවය නිමිත්තෙන් අද (08) දිනයේ දිවයිනේ ප්රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට පියවර ගෙන තිබේ.ඒ, අනුව උතුරු පළාතේ සහ නුවරඑළිය දිස්ත්රික්කයේ ඇති මත්පැන් අලෙවිසැල් අද (08) දිනයේ වසා තැබෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊට අමතරව බදුල්ල දිස්ත්රික්කයේ මහිංයගනය හා රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් සියලුම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති සුරාසැල්ද අද (08) දිනයේ වසා තැබේ.
ඒ, අනුව මෙම ප්රදේශයන්වල මත්පැන් විකිණීමට කටයුතු කරන හෝ බලපත්ර කොන්දේසි කඩ කරන යම් සුරාබදු අලෙවිසැලක් වෙතොත් ඒ සම්බන්ධව නීතිය දැඩිව කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.