වන ජීවීන්ගේ ආරක්ෂාව සඳහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට වනජීවී කාර්යාලයක් ලබා දෙන්න
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මෙරට ඉහල ජෛව විවිධත්වයක් සහිත අතිශය සංවේදී පරිසර පද්ධති රැසකින් සමන්විත ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය, සීග්‍රයෙන් නාගරීකරණය වන බස්නාහිර පළාතේ පිහිටීම නිසා මෙහි පවතින ඉහල ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති…









