මෑතකදී වාර්තා වූ අලුත්ම පුවත වන්නේ, ගූගල් සමාගම විසින් Gmail පරිශීලකයින්ට ඔවුන්ගේ ඊමේල් ලිපිනය (Username) වෙනස් කිරීමට අවස්ථාව ලබා දීමට සූදානම් වීමයි.
මින් පෙර Gmail ලිපිනයක් සාදා ගත් පසු එහි නම (උදා: name@gmail.com) වෙනස් කළ නොහැකි වූ අතර, අලුත් නමක් අවශ්‍ය නම් නව ගිණුමක් සෑදීමට සිදු විය.
අලුත් යාවත්කාලීනය අනුව, පරිශීලකයින්ට වසරකට වරක් තම ඊමේල් ලිපිනයේ නම වෙනස් කිරීමට ඉඩ ලැබෙනු ඇත.
පරණ ඊමේල් ලිපිනය ‘Alias’ එකක් ලෙස ක්‍රියා කරන බැවින්, පරණ ලිපිනයට එන පණිවිඩ ද අලුත් ලිපිනයටම ලැබෙනු ඇත.