අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380 ඉක්මවා තිබේ.අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ එය ඉතිහාසයේ අප්‍රේල් මාසයක වාර්තාවූ ඉහළම ආදායම බවයි.
එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක්.මේ අතර 2026 වසරේ මුල් මාස 04 තුළ අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය ඉතිහාසයේ වසරක මුල් කාර්තුවක් තුළ ලැබූ ඉහළම අපනයන අදායමයි.