ආසන පටි නීතිය කැඩූ 2000කට දඩ

අධිවේගී මාර්ගවල ආසන පටි නීතිය කඩ කළ දෙදහසකට ආසන්න පිරිසකට දඩ නියම කර ඇති බව පොලිසිය සඳහන් කරයි.පසුගිය 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහනවල ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරිණි.

ඒ අනුව පසුගිය 19 වැනිදා සිට මේ දක්වා කාලයේදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී වාහනවල ආසන පටි තිබියදී එය නොපැලඳ අධිවේගී මාර්ගවල ගමන්ගත් මගීන් දහසකට පමණ එලෙස දඩ නියම කර ඇත.

අධිවේගී මාර්ග ආරක්ෂක කොට්ඨාසය විසින් අධිවේගී මාර්ගයන්ට ඇතුළු වන ස්ථාන සහ පිටතට පැමිණෙන ස්ථානයේදී සියලුම වාහන පරීක්ෂා කරන අතර ආසන පටි සවි කර නොමැති කිසිදු වාහනයකට අධිවේගී මාර්ගයට ඇතුළු වීමට අවස්ථාව හිමි නොවන බවද පොලිසිය සඳහන් කරයි.

කාලීන පුවත්