උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් – දුම්රිය දෙපාර්තමේන්තුව

කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී, අද(17) අලුයම මාර්ගයට පස් කණ්ඩි කඩා වැටීම හේතුවෙන්, උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබේ.

ඒ හේතුවෙන් පොල්ගහවෙල සිට ගම්පොළ බලා ධාවනය වන දුම්රිය හා ගම්පොළ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය ප්‍රමාද වනු ඇති.

පස් තට්ටු ඉවත් කරමින් පවතින බව, දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

කාලීන පුවත්