ඩෙංගු රෝගය මර්දනය, පාලනය, මදුරුවන් බෝවන ස්ථාන වාර්තා කිරීම සහ උපදෙස් ලබා ගැනීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.
011 7966366 යන දුරකතන අංකය ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා සහ සෙනසුරාදා දින පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මෙම මෙහෙයුම් මැදිරිය ඇමතිය හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.