වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70ක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය අද (17) පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක් සඳහා අදියර 2 යටතේ වන අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක්, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහායි මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමී නිකුත් කර ඇත.