මීගමුව බන්ධනාගාරය තුළ හටගත් දරුණු ගැටුමකින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් ඇතුළුව පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මෙම ගැටුම හේතුවෙන් තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් මීගමුව මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට ඇතුළත් කර ඇති අතර, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරුවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාල දක්නට ලැබෙන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.වාර්තා වන ආකාරයට ගැටුම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගෙන තිබේ. සිද්ධිය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වී ඇති අතර, බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව ද කැඳවා තිබේ.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයෙකු උපුටා දක්වමින් වාර්තා වන්නේ, “මෙම සිදුවීම බන්ධනාගාර රැඳවියන් අතර පමණක් ඇති වූ ගැටුමක්” බවයි. කෙසේ වෙතත් මියගිය සහ තුවාල ලැබූ පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් ද සිටින බව පොලීසිය තහවුරු කරයි.සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර ඇති අතර, ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ. ගැටුමට හේතු වූ කරුණු සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.බන්ධනාගාර රැඳවියන් යනු රාජ්‍ය ආරක්ෂාව යටතේ රඳවා තැබෙන පිරිසක් වන බැවින් බන්ධනාගාර තුළ මෙබඳු සාපරාධී ක්‍රියාවනට ඉඩ හැරීම අතිශය බරපතල තත්ත්වයක් බව විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දී තිබේ.සිද්ධියෙන් පසු මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව බන්ධනාගාර බලධාරීහු පවසති. රෝහල් ගත කළ රැඳවියන්ගේ නාමලේඛනය ඇතුළු විස්තර ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.