එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සාමාන්‍ය පෙළ සඳහා සමස්ත විෂයයන් සංඛ්‍යාව 7ක් දක්වා සීමා කිරීමට සැලසුම් කර තිබේ.
ඒ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ද ඇතුළත්වයි.
අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාවදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.