ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා අද (27) දින සිට ලබන 29 වැනි දින දක්වා වහල මත සවිකර ඇති කිලෝවොට් 300ට වැඩි ධාරිතාවක් සහිත සූර්ය පැනල( සෝලා )පද්ධති ස්වේච්ඡාවෙන් ක්‍රියාවිරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්යාස් මුහම්මදු අර්කම් මහතා ඉල්ලීමක් කර තිබේ.ඊයේ (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම තාවකාලික පියවර මගින් පසුගිය වෙසක් පෝය දිනයේ ඇති වූ හදිසි විදුලි බිඳ වැටීම වැනි තත්ත්වයක් වළක්වා ගත හැකි බවයි.නමුදු මෙය වහල මත සවි කළ කිලෝවොට් 300 වැඩි සූර්ය පද්ධති හිමි පාරිභෝගිකයින්ට මිස. ගෘහස්ථ කුඩා පද්ධතිවලට මෙම ඉල්ලීම අදාළ නොවන බව ද පැවසෙයි.