දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් අවම කිරීමේ අරමුණින් කෙටි දුර දුම්රිය ගමන්වාර 30 ක් අද(16) සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය 18 ක්, කැලණිවැලි මාර්ගයේ 2 ක්, මුහුදුබඩ මාර්ගයේ 8 ක් සහ පුත්තලම මාර්ගයේ දුම්රිය කෙටිදුර ගමන් වාර 2 ක් මෙලෙස අත්හිටුවීමට නියමිත බවකි.ඒ අනුව දැනට පවතින 400 ක් වන දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව ලබන අද සිට 370 ක් දක්වා අඩුවනු ඇති.