අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහන්

දිවයින පුරා අධි අවදානම් සහිත ඩෙංගු කලාප 60ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද 13) ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

අධි අවදානම් සහිත ඩෙංගු කලාප වලින් කලාප 23ක්ම බස්නාහිර පළාත තුළ පවතියි.හඳුනාගත් අධි අවදානම් සහිත ප්‍රදේශවල ඩෙංගු මර්දන කටයුතු තීව්‍ර කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසයි.

මේ වසරේ මේ දක්වා රට පුරා ඩෙංගු රෝගීන් 68,071 ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබේ.

කාලීන පුවත්