අපේ රටේ දේශපාලන කරළියේදී “දෙකයි පනහට වැටුණු” ආධ්‍යාත්මික නායක පදවිය

‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන මේ දිනවල ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ නිතර සංවාදයට බඳුන් වන්නකි. විශේෂයෙන්ම පසුගිය දිනවල මෙරට සිදුවූ ආන්දෝලනාත්මක මරණ දෙකක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ මත පළ විය. ඇතැමුන් මෙය දේශපාලනික උපහාසයක් ලෙස භාවිත කරමින් පවසනුයේ, එම මරණ සහ වත්මන් දේශපාලන පක්ෂයක නායකත්වය අතර කිසියම් ‘ආධ්‍යාත්මික’ සබැඳියාවක් පවතින බවයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ ‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන වර්තමානයේ භාවිත වන්නේ කිසියම් දේශපාලන කණ්ඩායමක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හෝ පුද්ගල වන්දනාව විවේචනය කිරීමට වුවද, මෙම පාරිභාෂික වචනය ලෝක දේශපාලනය තුළ ව්‍යවස්ථාපිත සහ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් සහිත තනතුරකි. නමුත් වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ උපහාසාත්මකව භාවිත වන අන්දමට මෙම ‘ආධ්‍යාත්මික නායකයා’ යනු කපටියකු, දුෂ්ටයකු, අඥානයකු හෝ සොරකු නොවන බව ඉඳුරාම කිව යුතු වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ ‘ආධ්‍යාත්මික නායකයා’ යන වදන වර්තමානයේ භාවිත වන්නේ කිසියම් දේශපාලන කණ්ඩායමක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය හෝ පුද්ගල වන්දනාව විවේචනය කිරීමට වුවද, මෙම පාරිභාෂික වචනය ලෝක දේශපාලනය තුළ ව්‍යවස්ථාපිත සහ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් සහිත තනතුරකි. නමුත් වත්මන් ශ්‍රී ලාංකික දේශපාලන කරළියේ උපහාසාත්මකව භාවිත වන අන්දමට මෙම ‘ආධ්‍යාත්මික නායකයා’ යනු කපටියකු, දුෂ්ටයකු, අඥානයකු හෝ සොරකු නොවන බව ඉඳුරාම කිව යුතු වේ.

සිංහල මාධ්‍ය තුළ ඉරානයේ නායකයා හැඳින්වීමට ‘ආධ්‍යාත්මික නායකයා’ යන යෙදුම බහුලව භාවිත කළ ද, ජාත්‍යන්තර දේශපාලන විද්‍යාවේදී එය ව්‍යවහාර වනුයේ ‘උත්තරීතර නායකයා’ (Supreme Leader) යන අරුත ඇතිවය. පර්සියානු භාෂාවෙන් මෙය ‘රහ්බර්-එ මොඅසම්’ (Rahbar-e Moazzam) ලෙස හැඳින්වේ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු අයතුල්ලා කුමේනි විසින් ස්ථාපිත කළ මෙම ක්‍රමය, ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එරට ඉහළම දේශපාලනික සහ ආගමික බලතල හිමි තනතුරයි.

අයතුල්ලා අලි කමේනි

“අයතුල්ලා” (Ayatollah) යනු ෂියා ඉස්ලාම් දහමේ භාවිත වන ඉතා ඉහළ පෙළේ ආගමික නාමයක් හෝ ගෞරව නාමයකි. විශේෂයෙන්ම ඉරානය මෙම තනතුර සඳහා ප්‍රසිද්ධය. එහි අර්ථය “අල්ලාහ්ගේ සලකුණ” (Sign of Allah) යන්නයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිත වන්නේ ඉරානය ආදී රටවල ෂියා මුස්ලිම්වරුන් අතර පවතින පූජක ධුරාවලිය තුළය. ශ්‍රී ලංකාවේ බහුතර මුස්ලිම්වරුන් අයත් වන සුන්නි නිකාය තුළ මෙවන් ආගමික නායකත්වයක් නැත. ඒ වෙනුවට මෙහි එම ආගමික කටයුතු ඉස්ලාමීය ධර්මධරයන්ගේ සභාව හෙවත් සමස්ත ලංකා ජමියතුල් උලෙමා (All Ceylon Jamiyyathul Ulama) විසින් සිදු කරනු ලබයි.

මහ්සා අමීනි

අයතුල්ලා වරයෙකු වීමට ඉස්ලාමීය අධ්‍යාපන ආයතන (Hawza) තුළ වසර ගණනාවක් ඉගෙනුම ලබා, කුරානය, හදීස් සහ ඉස්ලාමීය දර්ශනය පිළිබඳව පරතෙරට පත්විය යුතුය. ඒ අනුව මෙය විද්වත් තනතුරක් ද වේ. අයතුල්ලා අල්-උස්මා (Grand Ayatollah) යනුවෙන් අයතුල්ලා නාමයටත් වඩා ඉහළ පදවියක් තිබේ. ඔවුන් “මර්ජා” (Marja) ලෙස හඳුන්වන අතර, සාමාන්‍ය ජනතාව තම එදිනෙදා ආගමික කටයුතුවලදී අනුගමනය කළ යුතු ආදර්ශවත් පුද්ගලයන් ලෙස මොවුන්ව සලකනු ලබයි. නමුත් අප රටේ බහුතරය සිතා සිටින අන්දමට, “අයතුල්ලා” යනු හුදෙක් පුද්ගල හෝ පෙළපත් නමක් නොවේ. ඉස්ලාමීය දැනුමේ සහ ආධ්‍යාත්මික මට්ටමේ ඉහළම තලයක් නිරූපණය කරන ගෞරව සම්ප්‍රදායකි.

අයතුල්ලා වරයෙකු වන ඉරානයේ උත්තරීතර නායකයා සතු ප්‍රධාන වගකීම් කිහිපයකි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීමේ අවසාන බලය ඔහු සතු වන අතර, සන්නද්ධ හමුදා ප්‍රධානියා මෙන්ම බුද්ධි අංශ සහ ආරක්ෂක මෙහෙයුම්වල ඉහළම අධීක්ෂකවරයා ද උත්තරීතර නායකයා වේ. එමෙන්ම අගවිනිසුරුවරයා සහ රජයේ ජනමාධ්‍ය ප්‍රධානීන් පත් කිරීමේ බලය ද ඔහු සතු වීම මත එම බලය උත්තරීතර (Supreme) බව නිසැකය. මෙම තනතුර සඳහා ඉස්ලාමීය ෂරියා නීතිය පිළිබඳ ඉහළම විද්වතකු වීම සහ දේශපාලනික පරිණතභාවය වැනි සුදුසුකම් අවශ්‍ය වන අතර, ජනතාව විසින් තෝරා පත් කරගන්නා ‘විද්වත් මණ්ඩලය’ (Assembly of Experts) මඟින් මෙම නායකයා පත් කරනු ලබයි.

නාර්ගීස් මොහොමදී

මේ අතර පසුගිය දශක තුන තුළ ඉරානය පාලනය කළ 86 හැවිරිදි පාලක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මෑතකදී තහවුරු කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මෙම නායකයා ඝාතනය වූ බවයි. ඔහුගේ අභාවයෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ පුත් මොජ්තබා කමේනි පත් කරනු ලැබ සිටියි.

නමුදු 1939 දී මාෂාඩ්හි උපත ලැබූ අයතුල්ලා අලි කමේනි ඉරාන දේශපාලනයේ ප්‍රබලතම භූමිකාවක් හෙබවූ බව පොදු පිළිගැනීමකි. දුප්පත් නමුත් භක්තිමත් ළමා කාලයක් ගත කළ ඔහු, ෂා රජුගේ පාලන සමයේදී හය වතාවක් අත්අඩංගුවට පත්ව වධහිංසාවලට මුහුණ දී තිබේ. 1979 විප්ලවයෙන් පසු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පසුව 97%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඉරාන ජනාධිපතිවරයා ලෙසත් කටයුතු කළේය. 1981 දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ දකුණු අත මුළුමනින්ම අකර්මන්‍ය විය.

කමේනිගේ පාලන සමය තුළ ඉරානය දැවැන්ත අභියෝග රැසකට මුහුණ දුන්නේය. ඉරාන-ඉරාක යුද්ධය, අමෙරිකානු විරෝධී ස්ථාවරය සහ න්‍යෂ්ටික වැඩසටහන ඒ අතර ප්‍රධාන වේ. න්‍යෂ්ටික අවි ඉස්ලාමීය විරෝධී බව ඔහු පැවසුවද, බටහිර රටවල් පැනවූ සම්බාධක හමුවේ ඉරාන ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් විය.

අයතුල්ලා අලි කමේනි බලයේ සිටි කාලය පුරා විපක්ෂ ක්‍රියාකාරීන් සහ සිවිල් විරෝධතා දැඩි ලෙස මර්දනය කළ බවට චෝදනා එල්ල විය. 2009 සහ 2019 විරෝධතා: මැතිවරණ දූෂණ සහ ඉන්ධන මිල ඉහළ යාමට එරෙහිව ඇති වූ විරෝධතා වෙඩි තබා මර්දනය කිරීම ද ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. හිජාබ් කාන්තා ඇඳුම පිළිබඳ ඉස්ලාමීය නීති උල්ලංඝනය කළ බවට අත්අඩංගුවට ගත් මහ්ෂා අමිනි නම් තරුණියකගේ මරණයත් (2022) සමඟ ඇති වූ විරෝධතාවලදී 400කට අධික පිරිසක් මිය ගියහ. 2025-26 ආර්ථික විරෝධතා: ආර්ථික අසාර්ථකත්වය නිසා ඇති වූ විරෝධතාවලදී පුද්ගලයින් 7,000කට වැඩි පිරිසක් මිය ගිය බව වාර්තා වේ. මීට අමතරව, කොවිඩ් වසංගතය සමයේ අමෙරිකානු සහ බ්‍රිතාන්‍ය එන්නත් තහනම් කිරීමට ඔහු ගත් තීරණය හේතුවෙන් ඉරානය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගිය බවට ද චෝදනා එල්ල විය. එමෙන්ම නොබෙල් ත්‍යාගලාභී මාධ්‍යවේදිනී නර්ගීස් මොහොමදී අයුතු ලෙස බන්ධනාගාරගත කොට තිබීම ද අයතුල්ලා අලි කමේනිට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වූ බරපතලම චෝදනාවකි. ඒ සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය ද මින් පෙර පළ කොට ඇත්තෙමු.

2025 වසරේ සිට ඊශ්‍රායලය සහ අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කළ අතර, 2026 පෙබරවාරි 28 වන දින එල්ල වූ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ කමේනිගේ පාලන සමය නිමාවට පත් විය. ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පැවසුවේ මෙය අනිසි පැවැත්මේ තර්ජනය ඉවත් කිරීම සඳහා ගත් පියවරක් බවයි. නමුදු අනාගතයේ කවර හෝ ආධ්‍යාත්මික නායකයකු දේශපාලන නායකත්වයට පත් වන්නේ නම් ඔහුට පවත්නා දේශපාලනික යථාර්ථයට මුහුණ දීමට සිදුවන බව මින් පෙනෙයි. නමුදු ලොව ප්‍රබලතම රාජ්‍යය වන ඇමෙරිකාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ අභීතව පෙනී සිටීමට අවශ්‍ය මානසික ජවය හා පන්නරය හිමි වීමේ රහස පිළිබඳව ද අප මෙහිදී විමසා බැලිය යුතුය.

මොජ්තාබා කමේනි

මේ අතර 2025 වසරේ සිට ඊශ්‍රායලය සහ අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර දියත් කළ අතර, 2026 පෙබරවාරි 28 වන දින එල්ල වූ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවත් සමඟ කමේනිගේ පාලන සමය නිමාවට පත් විය. ඊශ්‍රායල අගමැති නෙතන්යාහු පැවසුවේ මෙය අනිසි පැවැත්මේ තර්ජනය ඉවත් කිරීම සඳහා ගත් පියවරක් බවයි. නමුදු අනාගතයේ කවර හෝ ආධ්‍යාත්මික නායකයකු දේශපාලන නායකත්වයට පත් වන්නේ නම් ඔහුට පවත්නා දේශපාලනික යථාර්ථයට මුහුණ දීමට සිදුවන බව මින් පෙනෙයි. නමුදු ලොව ප්‍රබලතම රාජ්‍යය වන ඇමෙරිකාවෙන් එල්ල වන ප්‍රහාර හමුවේ අභීතව පෙනී සිටීමට අවශ්‍ය මානසික ජවය හා පන්නරය හිමි වීමේ රහස පිළිබඳව ද අප මෙහිදී විමසා බැලිය යුතුය.

සමස්තයක් ලෙස ගත් කල, ‘ආධ්‍යාත්මික නායකත්වය’ යන සංකල්පය ශ්‍රී ලංකාවේ දේශපාලන කෝණයෙන් බලන විට වත්මන් පොදු ජන වහරට අනුව කිවහොත් දෙකයි පනහේ මට්ටමේ උපහාසාත්මක මුහුණුවරක් ගත්ත ද, ලෝක දේශපාලනය තුළ එය අතිශය බැරෑරුම් සහ බලගතු ආයතනයකි. ඒ අනුව අප රටේ බහුතරය වචන භාවිතයේදී සිදුවන මෙම පරස්පරතාවන් නිවැරදිව තේරුම් ගැනීම හා දේශපාලන සාක්ෂරතාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර