විෂ සහිත සහල් මෙරටට ආනයනය කර ඇති බවට සති අන්ත පුවත්පත් දෙකක පළ වූ වාර්තා මගින් ජනතාව නොමග යැවීමට ක්‍රියා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා කියයි.
වැඩ බලන පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර මහතා පවසනුයේ පලිබෝධ නාශක රෙජිට්‍රාර් කාර්යාලය ගෙවිගය මාස අට තුළ එවැනි පරීක්ෂණයක් කර නැති අතර 2017 දී කළ පරීක්ෂණයකට අදාළ වාර්තාවක් උපයෝගි කර ගනිමින් අදාළ පුවත සකස් කර ඇති බව ය. එහි අන්තර්ගත කරුණුවල කිසිදු සත්‍යයක් නැති බවත් එවැනි සංවේදි කරුණු වාර්තා කිරීමේදී අදාල පාර්ශ්ව නිසි විමසිමක් කරන්නේ නම් වඩාත් උචිත බව වැඩබලන පලිබෝධන නාශක රෙජිට්‍රාර්වරයා සදහන් කරයි.