ආසියානූ පැරා ත්‍රෝබෝල් අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

මැලේසියාවේ පැවති 02 ආසියානූ පැරා ත්‍රෝබෝල් තරගාවලියේදී අනූශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) දින රාත්‍රීයේ දිවයිනට පැමිණෙන ලදි.

මෙම තරගාවලිය ආසියා කළාපයේ රටවල් 06 ක සහභාගීත්වයෙන් පසුගිය 02 වනදා සිට 05 වනදා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී පැවැත්විය.

මෙම ශ්‍රී ලංකා පැරා ත්‍රෝබෝල් කණ්ඩායම වසර එකහමාරක කාළය තුළ ලබා ගත් දෙවන ජාත්‍යාන්තර ජයග්‍රහණය මෙය වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පැරා ත්‍රෝබෝල් කණ්ඩායම ඊයේ (07) දින රාත්‍රී 10.50 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

කාලීන පුවත්