කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය ‘මුරසු’ ලෙස නම්කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සහ මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

මුරසු සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්,අද(02) උදෑසන වන විට ගිනිකොණ දිග සහ යාබද බස්නාහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.

එය වයඹ දෙසට ගමන් කරමින් අද මධ්‍යම රාත්‍රිය සහ හෙට (03) අළුයම් කාලය පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂාකරයි.

මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම් දී ඇත.

කාලීන පුවත්