බරවා බෝ කරන තවත් මදුරුවෙක්

බරවා බෝ කරන බවට ප්‍රච­ලි­තව තිබූ පර­පෝ­ෂි­තයා වෙනු­වට, මෙතෙක් කල් එත­රම් ප්‍රච­ලිත නොවූ පර­පෝ­ෂි­ත­ය­කු­ගෙන් දැන් බරවා රෝගය වැල­ඳීමේ ප්‍රව­ණ­තා­වක් දක්නට ඇතැයි බරවා මර්දන ව්‍යාපා­රයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ටී.ඒ.පී. සේර­සිංහ මහතා පවසයි. මිනි­සුන්ට අම­ත­රව සතු­න්ටත් මේ පර­පෝ­ෂි­තයා හරහා රෝගය බෝ වුව­හොත් සතුන්ට ද ප්‍රති­කාර කිරී­මට සිදු වන බවත් ඒ මහතා පවසන ලදි. පසු­ගිය වසරේ බරවා රෝගීන් 34ක් මෙර­ටින් හඳුනා ගත් බවත්, මේ වසරේ මේ වන විට රෝගීන් 07ක් හඳු­නා­ගෙන ඇති බවත් ඒ මහතා පැව­සු­වේය. මෙම නව පර­පෝ­ෂි­තයා නිසා ඇති වන බරවා රෝගය පාල­නය නොක­ළ­හොත් රට තුළ බරවා රෝගය ව්‍යාප්ත වීමේ අව­දා­න­මක් ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

සම­හ­රුන් පරි­ස­රය ලෙඩ හැදෙන තැනක් බවට පත් කර සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය ඇතුළු ආය­තන තුළින් සෞඛ්‍ය ආර­ක්ෂාව බලා­පො­රොත්තු වන්නේ යැයි ද හෙතෙම කීය. රෝග වැල­ඳුණු පුද්ග­ලයා ඇතුළු පවුලේ අයට පම­ණක් මෙම මදුරු ප්‍රශ්නය, ප්‍රශ්න­යක් වන බවත් අනෙක් අයට ප්‍රශ්න­යක් නොවන ලෙස ජන­තාව හැසි­රෙන බවත් ඒ මහතා අව­ධා­ර­ණය කරයි.

මෙය සෑම දෙනා­ටම පොදුවේ බෝ වන රෝග­යක් බවට දැනෙන තාක් කල් මෙම රෝග තත්ත්වය පාල­නය අසීරු වන බව ද ඒ මහතා පවසයි. ප්‍රකා­ශ­යට පත් කර ඇති තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩ­ස­ට­හන තුළ මදුරු ප්‍රශ්නය පොදු ප්‍රශ්න­යක් ලෙස ගෙන කට­යුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද ඒ මහතා සදහන් කරයි.

කාලීන පුවත්