කන්තලේ අක්කර 22,000ක මහ කන්නයේ වගා කටයුතු ඇරඹෙයි

කන්තලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ අක්කර 22,000ක මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබේ.මේ අතර මහකන්නය සඳහා ගිරිතලේ ජලාශයෙන් මංගල දිවයර නිකුත් කිරීම ද සිදු කෙරුණි.කන්තලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින අක්කර 22,000ක පමණ කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක මෙවර මහකන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව කන්තලේ වාන් ඇල/ තඹලගමුව සහ මුලිල්පොතාන ඇතුලු ප්‍රදේශ කිහිපයක ගොවීන් මහකන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබේ.මේ වන විට අදාළ ප්‍රදේශවල ගොවීන් සිය කුඹුරු ඉඩම් සකස් කිරීම සහ වගා කටයුතු සඳහා සූදානම් වීම ආරම්භ කර තිබේ.මේ අතර මහකන්නය සඳහා ගිරිතලේ ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම සිදු කෙරුණි.

ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරය සඳහා 2026 /2027 මහකන්නයේ වගාව ආරම්භ කිරීමට ගොවි ජනතාව සූදානමින් සිටියි.ඒ අනුව මංගල දිවයර නිකුත් කිරීම ගිරිතලේ ව්‍යාපාරයේ ගොවි සංවිධාන සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.කුඹුරු අක්කර 13,000කට ආසන්න භූමි ප්‍රමාණයකට ගිරිතලේ ජලාශයෙන් මෙවර ජලය සැපයෙයි.

වගා කටයුතු සඳහා නිසි අවස්ථාවේදී ජලය ලබා දීම සම්බන්ධයෙන් ගොවි ජනතාව සිය ස්තූතිය පළකරයි.

කාලීන පුවත්