“ඇමති ගේ ඉල්ලීමට මම ඉල්ලා අස් වෙනවා” පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

තම පෞද්ගලික ෆේස් බුක් ගිණුමෙහි පළ කළ ප්‍රකාශයක් හේතුවෙන් තනතුරෙන් ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කළ දැනුම් දීමකට අනුව තමන් ඉල්ලා අස් වූ බව පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න මහතා පවසා ඇත.විෂයභාර අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ඉල්ලීම සලකා බලා තමා ජුනි 27 වන දින සිට සේවයෙන් ඉවත්වන බව සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න විෂයභාර අමාත්‍යවරයාට යැවූ ඉල්ලා අස්වීමේ ලිපියේ ද සඳහන් කර ඇත.නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කන්තලේ සීනි කම්හලට අයත් ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීමට අවසර ලබා දීමේ තීරණය විවේචනය කරමින් මැයි 24 දින නුවන් ධර්මරත්න මහතා පෞද්ගලික ෆේස් බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණි.

කාලීන පුවත්