ලංකා කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් හැකි නම් එම ප්‍රකාශය සත්‍යය යැයි ඔප්පු කරන්නැයි තමන් අමාත්‍යවරයාට අභියෝග කරන බවත් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පවසයි.“අපි දැක්කා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහත්මා මාධ්‍ය සාකච්ඡාවකදී පවසනවා ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් සිදුකරන ලද මාර්ග අනතුරකදී එතුමාව පොලිසියට ගෙනගිය වෙලාවේදී කාදිනල්තුමාගේ සමීපතමයෙක් දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතාකරලා උන්වහන්සේව බේරලා දෙන්නය කියලා ආයාචනා කළා කියලා. ඒවගේම පහුවදාම ගරු සිරිල් ගාමිණී පියතුමා වැඩබලන පොලිස්පතිවරයාට දුරකථනයෙන් කතාකරලා ඒ සම්බන්ධයෙන් ස්තූති කළායි කියලා කියනවා. ඒක සම්පූර්ණ බොරුවක් .කාදිනල් හිමිපාණන් බොහොම වගකීමෙන් යුතුව මට පැවසුවා එතුමා මේ සිද්ධිය පිළිබඳව දන්නේ පහුවදා, ගරු සිරිල් ගාමිණී පියතුමන් මේ සිද්ධියෙන් පොලිසියෙන් නිදහස්වෙලා ආවාටත් පස්සෙ කියලා . ඒවගේම කාදිනල් හිමිපාණන් විමතියට පත්වෙනවා උන්වහන්සේ වෙනුවෙන් රජයෙන්, පොලිසියෙන් විශේෂ වරප්‍රසාද ඉල්ලුවා කියන ප්‍රකාශය ගැන. උන්වහන්සේ කියනවා කිසිමදාක උන්වහන්සේ වෙනුවෙන් රජයෙන් හෝ පොලිසියෙන් හෝ වෙනත් කිසිම ආයතනයකින් විශේෂ වරප්‍රසාද ඉල්ලන්නට තරම් සමීපතමයෙක් තමන් වහන්සේට නැහැයි කියන එක. ඒ වගේම එවැනි සමීපතමයෙක්ට හෝ කිසිම කෙනෙකුට තමන් කිසිම බලතලයක් දීලා නැහැයි කියලා උන්වහන්සේ පවසනවා.ඒ වගේම උන් වහන්සේ දන්නෙත් නෑ යම්කිසි කෙනෙක් මේ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයාට මේ බව දැනුම් දෙනවා කියලා. මොකද ගරු සිරිල් ගාමිණී පියතුමා ඒ අගතියට පත් පාර්ශ්වයත් එක්ක කතාකරලා ඒක සමථයකට පත්කර ගත්තා. ඉතින් මේ ටිරාන් අලස් ඇමතිතුමා කියනවා ගරු සිරිල් ගාමිණී පියතුමා පහුවදා වැඩබලන පොලිස්පතිවරයාට ආමන්ත්‍රණය කරලා ස්තූති කළායි කියලා. මේවා පට්ටපල් බොරු. ටිරාන් අලස් ඇමතිවරයාට අපි කියනවා. ඒවගේම එවැනි සිද්ධියක් ඔප්පු කරන්නට පුළුවන් නම් කරුණාකරලා ඔප්පු කරලා පෙන්වන්න, දේශබන්දු තෙන්නකෝන් මහතාට එතුමා කතා කළා කියලා ඔප්පු කරලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. ඒවගේම තමයි මේ ටිරාන් අලස් ඇමතිවරයාගේ මේ නොමනා ක්‍රියාකලාපය අපි සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා”යැයි ද කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා කීය. එතුමන් මේ බව පැවසුවේ ඊයේ (22) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.