උතුරට තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමෙන් ගමන් කරන අතර එය තවදුරටත් වර්ධනය වීමට හැකියාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට ඇතිවන බලපෑම හෙට දිනයෙන් පසු අවම වනු ඇති බව අද(280 පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වේ. මේ හේතුවෙන් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අජිත් විජේමාන්න මහතා පවසයි.

කාලීන පුවත්