ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය වෙනස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරයට පත් කර තිබේ.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ සාමාජිකයින් 5දෙනෙක් ගෙන් යුත් නව ජාතික තේරීම් කමිටුවක් පත් කර ඇති බවයි.

ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, විනෝතන් ජෝන් සහ රසාංජලී ද අල්විස් එම කමිටුවට පත් කරන ලද අනෙකුත් සාමාජිකයින් වෙයි.

කාලීන පුවත්