කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (24) සිට සෙනසුරාදා (25) දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදු කෙරෙයි.
ඒ අනුව කෙදාළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදු කෙරෙයි.
අද පස්වරු 5 සිට සෙනසුරාදා පෙරවරු 9 දක්වා පැය 16ක කාලයක් මෙම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.