හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිය යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණයක් ගෙන ඇතත් එසේ පැමිණි පසු ඔහුට හිටපු ජනපතිවරයෙකුට ලැබෙන සීමිත ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට බුද්ධි අංශ පෙන්වා දී තිබේ.එබැවින් ඔවුන් තවන් තව යම් කාලයක් විදේශ රටවල වෙසෙනු ඇතැයි වාර්තා වෙයි. ඊයේ(11) සිංගප්පූරුවේ සිට තායිලන්තය දක්වා ඔවුන් දෙන්නා වෙනුවෙන්ම වෙන් කළ ගුවන් යානයකින්( Charter Flight) බවත් ඒ සඳහා වන සමපූර්ණ වියදමක් දරා ඇත්තේ ඔහුගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතා ගේ පෞද්ගලික ගිනුමකින් බවත් වාර්තාවේ.ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරුවේ ගත කොට ඇත්තේ ද අධිසුඛෝපභෝගී නිවස්නයක බවත් තායිලන්තයේ නවාතැන් පහසුකම් ද එවැනිම මට්ටමක පවතිනු ඇති බවත් වාර්තා වෙයි.හිටපු ජනාධිපති වරයා රැකවරණ පතා මැද පෙරදිග රටකට යාමට කිහිප වතාවක්ම උත්සාහ කළ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජපක්ෂ පවුල සතු වත්කම් තිබුණ ද එම රට වලදී ඔහුට ආරක්ෂාව යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව ද පැවසෙයි. එනිසා රාජපක්ෂ යුවල ඉදිරියේ දී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට දැන් තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.