හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවේ පුරවැසිභාවය යළි ලබාගැනීම සඳහා ග්රීන් කාඩ් අයැදුම් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත අද (18) අනාවරණය කොට තිබේ.අමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්රීන්කාඞ් පහසුකම හරහා අමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කර ඇති බව එම වාර්තාවේ සඳහන් ය.හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට අමෙරිකානු පුරවැසි භාවය හිමි ව පවතින අතර එය ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි පුරවැසිභාවය ලබාගැනීම සඳහා වඩාත් පහසු වනු ඇති බව සඳහන් වේ.ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින අතර ඔහුට නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට අවසර හිමි ව තිබේ.කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඥාති සොයුරකු වන රුසියාවේ හිටපු ශී්ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ ප්රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24වනදා යළි දිවයිනට පැමිණෙන බවකි.