මෙරට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රේල් පීලි 10,000ක් ආනයනය කර තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ චීනයෙන් ආනයනය කළ එම රේල් පීලි තොගය ඊයේ (28) වරායෙන් නිදහස් කිරීම සිදු කරන බවයි.
එම රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වේග සීමා පනවා ඇති ස්ථානවල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතව තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ කොටුව සිට පානදුර දක්වා ස්ථාන 50කට ආසන්න සංඛ්‍යාවක නව රේල් පීලි යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටද සැලසුම් කර තිබෙන බවයි.
දුම්රිය පාලම් ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.