ඩෙංගු යළි හිස ඔසවයි

ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, පවතින වැසි තත්ත්වයත් සමග මදුරුවන් බෝවන ස්ථාන යළිත් වැඩිවී ඇති බවයි.

පසුගියදා සිදුකළ කීට සමීක්ෂණයේදීද කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දී තිබේ.වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ඉදිරි දෙසතිය ඇතුළත තෝරාගත් ප්‍රදේශ ආවරණය කරමින් යළිත් මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

කාලීන පුවත්