ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ඊට අදාළ ගිණුම් පොත් 21ක් පරීක්ෂා කිරීමට ඔහුට අවස්ථාව ලබාදී ඇතැයි වාර්තා වේ.විශේෂත්වය වන්නේ මෙම අවස්ථාව ලබාදී ඇත්තේ දයාසිරි ජයසේකර මහතා විසින් මීට වසර දෙකකට පමණ පෙර තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් වීමය. මේ පිළිබඳ වාර්තාවක් 2026 ඔක්තෝබර් 3 වැනිදා පළ වී තිබේ.එම වාර්තාවට අනුව පරීක්ෂා කිරීමට ලබාදී ඇති ගිණුම් පොත් අතරින් එක් පොතක් පමණක් අඩි තුනකට ආසන්න උසකින් යුක්ත බවද පැවසේ. ඒ අනුව මෙම ලේඛන පරීක්ෂා කිරීමෙන් ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොවූ තොරතුරු රැසක් අනාවරණය වීමට ඉඩ තිබේ.මේ අතර, දැනට ලැබී ඇති තොරතුරු අනුව හිටපු මැති ඇමැතිවරුන් කිහිපදෙනකුගේ ඥාතීන් ද ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු පවතින බව වාර්තා වේ. එමෙන්ම වත්මන් ආණ්ඩුවට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් එවැනි මුදල් ලබාගෙන තිබේද යන්න දයාසිරි ජයසේකර මහතා විසින් පරීක්ෂා කරන ලේඛන මඟින් පැහැදිලි වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.විශේෂයෙන්ම අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මීට පෙර හෙළි කළ ලැයිස්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ වත්මන් දේශපාලනඥයන්ගේ නම් නොතිබීමත්, දැන් පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබී ඇති ලේඛනවල ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් පිළිබඳ තොරතුරු ඇත්දැයි සොයා බැලීමට හැකිවීමත් හේතුවෙන් මෙම තොරතුරු හෙළිදරව්ව දේශපාලන වශයෙන්ද වැදගත් වනු ඇතැයි පැවසේ.