ඩෙල්ටා පැතිරීම පාලනය නොකළොත් දරුණු විකෘති ප්‍රභේද

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම මත තවදුරටත් එහි දරුණු විකෘති ප්‍රභේද මතු විය හැකි අතර ඒවා පාලනය කිරීම ද අපහසු විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියයි.

එමෙන්ම ඇ‍ය වැඩි දුරටත් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් යුගයේම සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක කළේ නම් පසුගිය කාලයේ සිදු වූ මරණ වලින් සැළකිය යුතු ප්‍රමාණයක් වළක්වා ගත හැකි ව තුබූ බවය.

මේ තත්වය යටතේ පසුගිය අගෝස්තු 30 වනදා වන විට පැයක් තුළ සිදුවන කොවිඩ් මරණ ගණන නවය තෙක් ඉහළ නැඟ ඇති අතර දැන්වත් මෙම තත්වය පාලනය කර නොගැනීම මත ඉදිරි තත්වය තවත් නරක අතට හැරෙනු ඇතැ‍යි ද වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය කියයි

කාලීන පුවත්