බස්නාහිර, සබරගමුව, දකුණු පලාත් සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා තද වැසි සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.