ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව වයස අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි.
පාසල් අධ්‍යාපනය අවසන් වූ වහාම තරුණයන් ත්‍රිරෝද රථ පැදවීමට යොමුවීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පෙන්වා දෙන්නේ රටේ අනාගතය රැඳී පවතින්නේ දරුවන් මත බවත්, ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කළ හැක්කේ දියුණු මානව සම්පතක් නිර්මාණය කිරීමෙන් පමණක් වන බවත් ය.
ඒ අනුව රජයක් ලෙස මානව සම්පත් සංවර්ධනයට ප්‍රමුඛතාව ලබාදෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදුකිරීමේ අරමුණින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ද හඳුන්වා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.