ඊයේ(11) නේපාලයේ මධ්‍යම ප්‍රදේශයේ ගෝර්කා දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් බුධි ගණ්ඩකි (Budhi Gandaki) ගංගාව අවහිර වීමෙන් ඇති වූ හදිසි ගංවතුරක් හේතුවෙන් ගංගා ඉවුරු ආශ්‍රිත ගම්මාන රැසකට දැඩි හානි සිදුව තිබේ. නවතම වාර්තාවලට අනුව පුද්ගලයන් පස්දෙනකු අතුරුදන්ව ඇති අතර, පුද්ගලයන් 49 දෙනකු බේරාගෙන තිබේ. තවදුරටත් අවදානමක් පැවතීම හේතුවෙන් ගංගාව පහළ ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට බලධාරීහු පියවර ගෙන ඇත.නායයෑම සිදුව ඇත්තේ කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 100ක් පමණ බටහිරින් පිහිටි චුම්නුබ්‍රි ප්‍රදේශයේය. එම නායයෑමෙන් ගංගාවට වැටුණු පස් හා ගල් හේතුවෙන් ජලය ගලා යාම තාවකාලිකව අවහිර වී තිබේ. පසුව එම අවහිරය බිඳී යාමෙන් විශාල ජල ප්‍රවාහයක් පහළ ප්‍රදේශ කරා ඇදී ගොස් ඇතැයි ජාත්‍යන්තර ඒකාබද්ධ කඳුකර සංවර්ධන මධ්‍යස්ථානය (ICIMOD) පවසයගංවතුරෙන් නිවාස රැසක් ගසාගෙන ගොස් ඇති අතර, මුල් වාර්තාවල නිවාස දොළහක් පමණ විනාශ වූ බව සඳහන් වුව ද පසුව නිකුත් වූ වාර්තාවල එම සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. එමෙන්ම එල්ලෙන පාලම් දෙකක් සහ ගෝර්කා හා ධාඩිං දිස්ත්‍රික්ක යා කරන මාර්ග පාලමක් ද ගංවතුරට හසුව ඇත. ප්‍රදේශයේ ජලවිදුලි ව්‍යාපෘතියක ඉදිකිරීම් කඳවුරකට ද හානි සිදුව තිබේ.