තැපැල් කන්තෝරු සතියේ දින තුනකට සීමා කෙරේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප‍්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන සහ උප තැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.මේ අනුව සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ‍්‍රහස්පතින්දා දින තුන තුළ පමණක් දිවයින පුරා පිහිටා ඇති සහ උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට නියමිතය.නමුත් තැපැල් දෙපාර්තමේන්තුව විසින් හදිසියේ ගනු ලැබූ මෙම තීරණයට එරෙහිව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ද හදිසි වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

කාලීන පුවත්