ශ්රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් අද (20) සවස් කාලයේ සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්රදේශවල ප.ව. 1.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම උතුරු, උතුරු මැද, මධ්යම, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.