දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නව නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම අනතුරු ඇඟවීම ඊයේ (07) රාත්‍රී 7:00 සිට අද ( 08) රාත්‍රී 7:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් සඳහා මට්ටම් දෙකක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර්)

  • බදුල්ල දිස්ත්‍රික්කය: පස්සර ප්‍රදේශය
  • කෑගල්ල දිස්ත්‍රික්කය: මාවනැගම සහ රුවන්වැල්ල ප්‍රදේශ

මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

  • කළුතර දිස්ත්‍රික්කය: වලල්ලාවිට
  • මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර
  • කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට සහ කෑගල්ල
  • රත්නපුර දිස්ත්‍රික්කය: රත්නපුර, ඇහැලියගොඩ, අයගම, වැලිගෙපොළ සහ කුරුවිට

අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ හදිසි නායයෑම් තත්ත්වයන් හෝ පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙසයි.

කාලීන පුවත්