2026 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් ජය ගන්නාලදි.ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියක ශ්‍රී ලංකා කණ්ඩායම, නවසීලන්තය පරාජය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. තරගාවලියේ දෙවැනි කාණ්ඩයේ තරගයක් වූ මෙය එංගලන්තයේ සවුතැම්ප්ටන්හිදි පැවැත්විය.
එහි පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය වෙනුවෙන් නායක මේලි කර් සහ සොෆී ඩිවයින් ලකුණු 45 බැගින් රැස් කළේ ය. කවීෂා දිල්හාරි කඩුලු 2කි.පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැසකරගත් ලකුණු සංඛ්‍යාව 150කි.ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 45කදී ය.නායක චමරි අතපත්තු ලකුණු 27කි.
විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි ලකුණු 17 බැගින් රැස් කරනලදි.6 වැනි කඩුල්ලට පිටියේ එක්වූ නිලක්ෂිකා සිල්වා සහ කෞෂිණි නුත්‍යාංගනා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54කි.කෞෂිණි නුත්‍යාංගනා නොදැවී ලකුණු 24ක් රැස් කළේ ය.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු4 ක් තුළ කඩුලු 5ක් දැවී සිටියදී ය.