නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ.

බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වුණේ අද වැනි දිනකදීයි.

ශාසන ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබේ.

ඇසළ පුර පසළොස්වක පොහොය දිනට පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා, නිකිණි පොහොය දින පසුවස් සමාදන් වීම සිදු වන්නේ මෙම උතුම් පොහොය දිනයේදීයි.

කාලීන පුවත්