නෙළුම් කුළුණ විවෘතව තබන කාලය දීර්ඝ කරයි

උත්සව සමය සඳහා නෙළුම් කුළුණ විවෘතව තබන කාලය දීර්ඝ කර තිබේ.

ඒ අනුව එය දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාව සඳහා විවෘතව තබන බවයි වාර්තා වේ.

එමෙන්ම දෙසැම්බර් 27වනදා නෙළුම් කුළුණ පෙරවරු 9 සිට රාත්‍රී 11 දක්වා විවෘතව තැබීමට තීරණය කර තිබේ.

මේ අතර නෙළුම් කුළුණ 2024 දෙසැම්බර් 31 සහ 2025 ජනවාරි 1 සහ 2 දිනයන් වලදීත් පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා විවෘතව තැබීමට නියමිතව ඇත.

කාලීන පුවත්