නේපාලයේ ගෝර්කා, ධාඩිං, නුවාකොට් සහ චිට්වාන් යන දිස්ත්‍රික්කවල හෝ බුධිගන්ධකි ගංගා නිම්න ආශ්‍රිතව දැනට රැඳී සිටින හෝ සංචාරය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.
ඒ ගෝර්කා දිස්ත්‍රික්කයේ උප ගංගාවකින් හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් බුධිගන්ධකි ගංගාවේ, පහළ ප්‍රදේශවල අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම හේතුවෙනි.
නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති ආරක්ෂිත උපදෙස් අතරට,
ගංගා, ගං ඉවුරු, පාලම් සහ පහත් බිම් ආශ්රිත ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වැළකීම හා ප්‍රවේශම් වීම,
ප්‍රදේශයේ බලධාරීන්, ආරක්ෂක අංශ සහ සංචාරක පොලිසිය නිකුත් කරන උපදෙස් හා මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීම,
තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීම හා අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකීම,
නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඔබ රැඳී සිටින හෝටලය, සංචාරක ඒජන්සි සහ මාර්ගදේශකයින් සමග නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවීම,
කිසිදු හේතුවක් මත ගංවතුරට ලක්වූ මාර්ග, ඇළ දොළ හෝ ගංගා හරහා යාමට උත්සාහ නොකිරීම,
ප්‍රාදේශීය බලධාරීන් උපදෙස් ලබා දෙන්නේ නම් වහාම උස් සහ ආරක්ෂිත ස්ථාන වෙත යොමු වීම ඇතුළත්.
අවශ්‍ය ඕනෑම සහායක් හෝ සම්බන්ධීකරණ කටයුත්තක් සඳහා නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.ඒ අනුව පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් අංකය වන +9779851048653 යන දුරකථන අංකයට දැනුම් දිය හැකියි.slemb.kathmandu@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේද තොරතුරු දැනුම්දීමේ හැකියාව පවතී.