පාප් වහන්සේ ඒ තනතුරට පත් වුණෙත් මං හින්දයි

තමන් ඇමරිකානු ජනාධිපති ධුරයේ නොසිටියේ නම් පාප් වහන්සේට වතිකානයේ රැඳී සිටීමට පවා අවස්ථාවක් නොලැබෙන බවත්, පාප් වහන්සේ එම තනතුරට පත් වූයේ තමන් නිසා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.ටෙහෙරානය සමඟ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඇති වූ යුදමය තත්ත්වය සහ සාමය සම්බන්ධයෙන් පාප් වහන්සේ දැක්වූ අදහස් එලෙස ට්‍රම්ප්ගේ විවේචනයට ලක් ව තිබේ.ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශවලින් පසු පාප් වහන්සේ සඳහන් කර ඇත්තේ තමාට ට්‍රම්ප් පරිපාලනය පිළිබඳව කිසිදු බියක් නොමැති බවයි. කෙසේ වෙතත් මෙම මතවාදී ගැටුම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහට ලක්ව තිබේ.ඉන් බොහෝ දෙනකු ගේ මතය වනුයේ මෙම ප්‍රකාශය මඟින් ට්‍රම්ප් ගේ මානසික ව්‍යාකූලත්වය හෙළි වන බවකි.

කාලීන පුවත්