පෑලියගොඩ ප්රධාන මත්ස්ය වෙළෙඳපොළේ කටයුතු ඉතාමත් සක්රීය වී තිබේ.ඒ අනුව මේ දිනවල එහි මාළු මිල සැලකිය යුතු මට්ටමකින් පහළ යාමත් සමඟින්.මෙම හදිසි මිල අඩුවීම පාරිභෝගික ජනතාවට මහත් අස්වැසිල්ලක් වී ඇති බවයි සඳහන් වෙයි.මේ හේතුවෙන් දෛනිකව මසුන් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ප්රමාණය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අයුරු දැකගත හැකියි.
එමෙන්ම මෙම තත්ත්වය මත්ස්ය වෙළෙඳුන්ට ද නව බලාපොරොත්තුවක් එක් කරනලදි.මාළු මිල අඩුවීම හේතුවෙන් පාරිභෝගික ආකර්ෂණය වැඩි වී ඇති අතර, එමඟින් සිය දෛනික අලෙවි පරිමාව සහ ආදායම වර්ධනය වී ඇති බව වෙළෙඳ ප්රජාව සඳහන් කරයි.
ඉහළ මිල නිසා අඩපණව තිබූ තම ව්යාපාරික කටයුතු යළි ප්රාණවත් වී ඇති බව පවසන වෙළෙඳ ප්රජාව, මෙම සාධාරණ මිල මට්ටම ඉදිරියටත් පැවතුණහොත් කර්මාන්තයට මෙන්ම ජනතාවට ද මහත් අස්වැසිල්ලක් බව පෙන්වා දෙයි.සමස්තයක් ලෙස මෙම මිල අඩුවීම පාරිභෝගිකයන්ට මෙන්ම මත්ස්ය වෙළෙඳුන්ට ද නව බලාපොරොත්තුවක් ගෙන දී ඇති බව ජනතා අදහස්වලින් පෙනී යන බවයි සඳහන් වෙයි.