ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අවංක දක්ෂ නිලධාරියකු බවත් රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමේ දී ඔහු වෙත චෝදනා එල්ල කිරීම වැරදි ක්‍රියාවක් බවත් බවත් තමන් ඔහු දුන් ඉල්ලා අස්වීම බාරගත්තේ ඇමති වරුන්ගේ දුරස් වීම වළක්වා ගැනීමට බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත.ඒ ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් හට කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපති මන්දිරයේ දී පැවැත් වූ විශේෂ කාකච්ඡාවකදී ය. ‘‘මම පී. බී ගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර ගත්තා. ජනවාරි 31 දක්වා ඉන්නවා කියා ලිපියේ සඳහන් වෙනවා. මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා මම අපහසුතාවට පත්වෙනවානෙ,අනික එතකොට ඒ මැති ඇමතිවරු මගෙන් දුරස් වෙනවා.පී.බී දක්ෂ අවංක නිලධාරියෙක්. එතුමා ක්‍රියාත්මක කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති. ඉතින් කවුරු හරි එතුමාව අල්ලාගෙන ඇඟිල්ල දිගු කරලා චෝදනා කරනවා නම් ඒක වැරදියිනෙ.’’ ජනාධිපතිවරයා එහි දී අවධාරණය කළේය.ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත මෑතක දී දැඩි දෝෂාරෝපනයක් එල්ල කරන ලද්දේ අමාත්‍ය චමල් රාජපක්ෂ විසිනි. ‘‘එතකොට විමල් වීරවංශලා, ගම්මන්පිලලා, වාසුදේවලා වගේ අය මොකද කරන්නේ’’ඒ බව සෘජුව ප්‍රකාශ නොකොට පුවත්පත් කතුවරුන් විමසූ විට ජනාධිපති වරයා කියා සිටියේ‘‘සමහරු ඉතින් තමන්ගෙ වැරදි වහගන්නත් ගැලරියට කතා කරනවනේ”යනුවෙනි. ජනාධිපතිවරයා සමග සිරි රණසිංහ, මහින්ද ඉලේපෙරුම හා සිංහ රණතුංග යන පුවත්පත් කතුවරු මෙම කතා බහට එක් වූහ.මෙම තත්වය යටතේ ආචාර්ය පී.බී ජයසුන්දර මහතාට රජයේ ඉහළම මට්ටමේ උපදේශක මට්ටමක් හිමි වන බවට ලැබෙන තොරතුරු පිළිබඳබ විමසූ විට කියා ඇත්තේ ජයසුන්දර මහතා තමන් රැකියා විරහිත උපාධි ධාරියකු නොවන බැවින් නැවත තනතුරක් බාර ගැනීමට අපේක්ෂා නොකරන අතර තමන් ගේ රාජ්‍ය සේවය තුළ දී ගොනු කරගනු ලැබූ අද්දැකීම් අළලා කෘතියක් සම්පාදනය කිරීම දැනටමත් අරඹා ඇති බවත් මෙතෙක් අනාවරණය නොවූ බොහෝ රහස් එම කෘතියෙන් අනාවරණය කරන බවත්ය.