පොලිස් සේවයට ඉදිරියේදී නව නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මානව සම්පත් සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් සේවය සඳහා 10,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලැබුණු බවයි.
එමෙන්ම මේ වන විට පොලිස් සේවය තුළ නිලධාරීන් 38,000ක හිඟයක් පවතින බවත් එම හිඟය සහිතව සේවාව පවත්වාගෙන යාමට සිදුවී ඇති බවත් පොලිස්පතිවරයා කියා සිටියි.