බරවා බෝ කරන බවට ප්‍රචලිතව තිබූ පරපෝෂිතයා වෙනුවට, මෙතෙක් කල් එතරම් ප්‍රචලිත නොවූ පරපෝෂිතයකුගෙන් දැන් බරවා රෝගය වැලඳීමේ ප්‍රවණතාවක් දක්නට ඇතැයි බරවා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය එස්.ටී.ඒ.පී. සේරසිංහ මහතා පවසයි. මිනිසුන්ට අමතරව සතුන්ටත් මේ පරපෝෂිතයා හරහා රෝගය බෝ වුවහොත් සතුන්ට ද ප්‍රතිකාර කිරීමට සිදු වන බවත් ඒ මහතා පවසන ලදි. පසුගිය වසරේ බරවා රෝගීන් 34ක් මෙරටින් හඳුනා ගත් බවත්, මේ වසරේ මේ වන විට රෝගීන් 07ක් හඳුනාගෙන ඇති බවත් ඒ මහතා පැවසුවේය. මෙම නව පරපෝෂිතයා නිසා ඇති වන බරවා රෝගය පාලනය නොකළහොත් රට තුළ බරවා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
සමහරුන් පරිසරය ලෙඩ හැදෙන තැනක් බවට පත් කර සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන තුළින් සෞඛ්‍ය ආරක්ෂාව බලාපොරොත්තු වන්නේ යැයි ද හෙතෙම කීය. රෝග වැලඳුණු පුද්ගලයා ඇතුළු පවුලේ අයට පමණක් මෙම මදුරු ප්රශ්නය, ප්‍රශ්නයක් වන බවත් අනෙක් අයට ප්‍රශ්නයක් නොවන ලෙස ජනතාව හැසිරෙන බවත් ඒ මහතා අවධාරණය කරයි.
මෙය සෑම දෙනාටම පොදුවේ බෝ වන රෝගයක් බවට දැනෙන තාක් කල් මෙම රෝග තත්ත්වය පාලනය අසීරු වන බව ද ඒ මහතා පවසයි. ප්‍රකාශයට පත් කර ඇති තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන තුළ මදුරු ප්රශ්නය පොදු ප්‍රශ්නයක් ලෙස ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බව ද ඒ මහතා සදහන් කරයි.