මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් විය යුතු බවට එම පක්ෂයේ බහුතර මතය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර එම පක්ෂයේ තවත් පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බව කියා සිටින බව ද පැවසෙයි.මේ අතර ඊයේ (12) කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට කැඳවා තිබුණත් පොදුජන පෙරමුණේ බහුතරයක් දිස්ත්‍රික් නායකයින් එම සාකච්ඡාවට සහභාගී වී නොමැති බව වාර්තා වෙයි.ජනාධිපතිවරයා නොව කවුරු කැඳවීමක් කළත් ඒ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් දැනුවත් කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. නමුදු මේ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ තවත් පිරිසකගේ මතය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කිරීමේ කිසිදු හැකියාවක් බැසිල් රාජපක්ෂ මහතා සතුව නොමැති බවකි.